Gossips

update : පාර්ලිමේන්තුව විසුරුවා හැරේ – මහ මැතිවරණය ජනවාරි 5

අද (09) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව මහ මැතිවරණය ලබන වසරේ ජනවාරි මස 5 වන දින පැවැත්වෙන අතර නව පාර්ලිමේන්තුව ජනවාරි මස 17 වනදා රැස් වනු ඇති.
අදාළ ගැසට් නිවේදනයට අනුව මහ මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ලබන 19 වනදා ආරම්භ වන අතර 26 වනදා දහවල් 12 න් එම කටයුතු අවසන් වීමට නියමිතයි.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනය මෙතැනින්
update : Friday, 09 November 2018 – 23.57
———————————————————-
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ගැසට් නිවේදනයට ජනපති අත්සන් තබයි.
පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අත්සන් තබා තිබෙනවා.
එය මුද්‍රණය කිරීම සඳහා මේ වන විට රජයේ මුද්‍රණාලයට යොමුකර ඇති බවටයි වාර්තා වන්නේ.