දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ඇතිව තිබූ දුම්රිය ප්‍රමාදය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ රාගම සහ ගනේමුල්ල අතර කාර්මික දෝෂයට ලක්වූ දුම්රිය මේ වන විට මාර්ගයෙන් ඉවත් කර ඇති බවයි.
අද (07) උදෑසන රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයට ලක්වුණා.
Update :- Wednesday, March 7, 2018 9.22 am
————————————————————-
රාගම සහ ගනේමුල්ල අතර දුම්රියක් කාර්මික දෝෂයට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද උදෑසන රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් පැවති දුම්රියක් මෙලෙස කාර්මික දෝෂයට ලක්ව ඇති බවයි.
මේ හේතුවෙන් කොටුවට පැමිණෙන සියලූ දුම්රිය ප්‍රමාදයක් සහිතව ධාවනය කෙරෙන බව ද පාලක මැදිරිය සඳහන් කළා.
