Gossips

Update – නුගේගොඩ කාන්තා ඝාතනයට අත්අඩංගුවට සැකකරුට තවත් මනුෂ්‍ය ඝාතන චෝදනා

නුගේගොඩ – පැලවත්ත පාර ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මීට පෙර මනුෂ්‍ය ඝාතන කිහිපයක් සිදුකර ඇති බවට අනාවරණ වී තිබෙනවා.
නවගමුව සහ මොරටුව – එගොඩඋයන යන ප්‍රදේශවල සිදුවූ මනුෂ්‍ය ඝාතනවලට මොහු සම්බන්ධ බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙක්.
පැල්වත්ත පාර ප්‍රදේශයේදී නිවසකදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඊයේ දහවල් ඝාතනය කර තිබූ අතර, එහිදී තවත් කාන්තාවකටද තුවාල සිදුව ඇති බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Update :- Monday, February 4, 2019, 3.25PM
—————————————————–
නුගේගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ
නුගේගොඩ – පැල්වත්ත පාර ප්‍රදේශයේදී නිවසකදී කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඊයේ දහවල් ඝාතනය කර තිබෙනවා.
එහිදී තවත් කාන්තාවකටද තුවාල සිදුව ඇති බවයි මිරිහාන පොලීසිය සඳහන් කළේ.
ඝාතනයට ලක්වූ කාන්තාව නුගේගොඩ ප්‍රදේශයේ නිවසක මෙහෙකාරියක් ලෙස කටයුතු කර ඇති අතර, තුවාල ලබා ඇත්තේ එම නිවසේ හිමිකාර කාන්තාව බවයි පොලීසිය සඳහන් කළේ.
එලෙස තුවාල ලැබූ කාන්තාව මේ වනවිට කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබනවා.
ඝාතනයට ලක්වූ කාන්තාව වයස අවුරුදු 69 ක් වන දොම්පේ – මීගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
එම කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.