Gossips

Update – නාලක ද සිල්වාට සහ නාමල් කුමාරට විදෙස් ගමන් තහනමක්

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරට විදෙස් ගතවීම වලක්වාමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (08) නියෝගයක් නිකුත් කළා.
ඒ අධිකරණ නියෝගයකට අනුව මොවුන් දෙදෙනාට අද (08) දිනයේ අධිකරණයේ පෙනී සිටි අවස්ථාවේදීයි.
එමෙන්ම මොවුන් දෙදෙනාගේ කට හඩ පරීක්ෂණ වාර්තා කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරිය රජයේ රස පරීක්ෂක වෙත නියෝග කර තිබෙනවා.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතන සැළැස්මක් පිළිබඳව නාමල් කුමාර සිදු කළ අනාවරණයට අනුව අපරාධ පරීක්ෂ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.
ඒ අනුව නඩුව කැඳවූ අවස්ථාවේදී දෙපාර්ශවයේම නීතිඥවරුන් දැනුම් දුන්නේ විමර්ශණ කටයුතු සඳහා සහයෝගය ලබාදෙන බවයි.
මෙම නඩුව මේ මස 23 වනදා යළි කැදවනු ඇති.
Update :- Monday, October 8, 2018 10.56 am
——————————————————–
නාලක සහ නාමල් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට
ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය බාර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබෙනවා.