Gossips

Update : නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දෙයි

නව ආණ්ඩුවේ සංචාරක කටයුතු සහ වනජීවී අමාත්‍යවරයා ලෙස වසන්ත සේනානායක දිවුරුම් දෙනු ලැබුවා.
ආනන්ද අලුත්ගමගේ සංචාරක සහ වනජීවී නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
වඩිවේල් සුරේෂ් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.


ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා – මුදල් හා ආර්ථීක කටයුතු පිළිබඳ අමාත්‍ය

ඩග්ලස් දේවානන්ද මහතා – නැවත පදිංචිකිරීම්, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය

ආරුමුගම් තොණ්ඩමන් මහතා – උඩරට නව ගම්මාන, යටිතල පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍ය

වසන්ත සේනානායක මහතා – සංචාරක සහ වනජීවි අමාත්‍ය

වඩිවෙල් සුරේෂ් මහතා – වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ආනන්ද අලුත්ගමගේ මහතා – සංචාරක සහ වනජීවි නියෝජ්‍ය අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා මහතා – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය

ආචාර්ය සරත් අමුණුගම මහතා – විදේශ කටයුතු අමාත්‍ය

මහින්ද සමරසිංහ මහතා – වරාය හා නාවික කටයුතු අමාත්‍ය

මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය

රංජිත් සියඹලාපිටිය මහතා – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය

විජයදාස රාජපක්ෂ මහතා – අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය

විජිත් විජයමුණි සොයිසා මහතා – ධීවර, සාගර සම්පත් සංවර්ධන හා ග්‍රාමීය ආර්ථීක කටයුතු

ෆයිසර් මුස්තාෆා මහතා – පළාත් සභා, පළාත් පාලන හා කී්‍රඩා අමාත්‍ය

Update : Monday, October 29, 2018 08.00PM
—————————————————-
මීට සුළු මොහොතකට පෙර නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී මුදල් සහ ආර්ථික කටයුතු අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
මේ අතර නිමල් සිරිපාල සිල්වා ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යධුරය හිමිවූවා.
විදේශ කටයුතු අමාත්‍යධුරය හිමිවූයේ සරත් අමුනුගමටයි.
වරාය සහ නාවික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මහින්ද සමරසිංහයි.
කෘෂිකර්ම කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ මහින්ද අමරවීරයි.
රංජිත් සියඹලාපිටිය විදුලි බල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය ධුරයේ දිවුරුම්දෙනු ලැබුවා.
විජයදාස රාජපක්ෂ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.
ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ විජිත් විජයමුණි සොයිසා අමාත්‍යවරයායි.
පළාත් සභා පළාත් පාලන සහ ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ ෆයිසර් මුස්තාෆා මහතායි.
ඩග්ලස් දේවානන්ද පුනුරුත්ථාපන නැවත පදිංචි කිරීම උතුර සංවර්ධන සහ හින්දු ආගමික කටයුතු පිළිබඳව අමාත්‍යධුරය හිමිව තිබෙනවා.
ආරුමුගම් තොණ්ඩමන් උඩරට නව ගම්මාන යටිතළ පහසුකම් සහ ප්‍රජා සංවර්ධන අමාත්‍යධුරයේ දිවුරුම් දුන්නා.