Gossips

Update : නවසීලන්ත වෙඩි ප්‍රහාරයෙන් මියගිය ගණන 40 ක් බවට අගමැතිනියගෙන් ප්‍රකාශයක්

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 40 දෙනෙකු මිය ගොස් ඇති බව එරට අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළා.
සිද්ධියෙන් තුවාල ලැබූ පිරිස 27 ක් බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.
සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සංවේදී පුද්ගලයන් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.
rnrn

rnrn
Update : Friday, March 15, 2019 12.25
———————————————
නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර මධ්‍යයේ පිහිටි මුස්ලිම් දේවස්ථාන දෙකක අද සිදුවූ වෙඩි තැබීම්වලින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු මිය ගොස් ඇති බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා.
සිද්ධීන් සම්බන්ධයෙන් කාන්තාවක ඇතුළු සැකකරුවන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව නගරයේ අටවා තිබූ බෝම්බ කිහිපයක් ද නිශ්ක්‍රීය කළ බව නවසීලන්ත ආරක්ෂක අංශ ප්‍රකාශ කළා.
මේ අතර අදාළ පුද්ගලයා වෙඩි ප්‍රහාරය සිදුකරන ආකාරය පටිගතකර ඇති අතර මේ වනවිට එය අන්තර්ජාලයට එක්ව තිබෙනවා.
එම දර්ශන පෙළ පහතින්.
සංවේදී පුද්ගලයන් මෙම වීඩියෝව නැරඹීමෙන් වළකින්න.
rnrn

rnrn
මේ අතර අද වෙඩි තැබීම් වාර්තා වූ එක් දේවස්ථානයකට සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම ද ගොස් ඇති අතර, ඔවුන් අසළ වූ උද්‍යානයක් හරහා එම ස්ථානයෙන් කඩිනමින් ඉවත් ව යාමට සමත් වූ බව නවසීලන්ත මාධ්‍ය වාර්තා කළා.
එසේම හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ තුන්වන ටෙස්ට් තරඟයද අවලංගු කිරීමට තීරණය කර තිබෙනවා.