Gossips

Update – දුම්රිය වර්ජනය අවසන්

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ දුම්රිය වර්ජනය අවසන් කළ බව දුම්රිය රියදුරන්ගේ සංගමය පවසනවා.
දුම්රිය රියදුරන් නවාතැන් ගන්නා දෙපාර්තමේන්තුවට අයත් බංගලාවල කණිෂ්ඨ කාර්ය මණ්ඩල වගකීම්වලින් නිදහස් කිරීමට සාමාන්‍යාධිකාරීවරයා කටයුතු කිරීම සහ එම නවාතැන් බංගලාවල නවීකරණ කටයුතු සිදුනොකිරීමට එරෙහිවයි මෙම වර්ජනය ආරම්භ කළේ.
එම ගැටළු නිරාකරණය කරන බවට දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු දුරකථනයෙන් දැනුම්දීමත් සමඟ මෙම වර්ජනය අවසන් කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ කියා සිටියා.
මේ අතර, වර්ජනය හේතුවෙන් අද අලූයම දුම්රිය ගමන් වාර 10ක් පමණ අවලංගු වූ බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කළා.
Update :- Saturday, March 9, 2019, 7.53AM
———————————————————-
දුම්රිය රියදුරු සහ නියාමකවරුන් හදිසි වර්ජනයක
දුම්රිය නියාමකවරුන් සහ රියදුරන් ආරම්භ කර ඇති හදිසි වැඩ වර්ජනයක් හේතුවෙන් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කළ බව පාලක මැදිරිය සඳහන් කළා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මොවුන් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක බංගලාවල සේවය කරන කණිෂ්ඨ කාර්ය මණ්ඩලය ස්ථාන මාරු නොකිරීමට ස්ථානාධිපතිවරුන් කටයුතු කිරීම සහ පාර්සල් හුවමාරුවේදී නියාමකවරුන් හා ස්ථානාධිපතිවරුන් අතර පවතින ගැටළුකාරී තත්ත්වයක් හේතුවෙන්.
කෙසේ වෙතත්, දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ හැකි පමණ දුම්රිය ධාවනය කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇති බවයි.