Gossips

update : දුම්රිය ධාවනයට පැවති බාධා ඉවතට

දුම්රියේ යන අයට දැනුම්දීමක්
සංඥා දෝෂයක් හේතුවෙන්, කොළඹ – කොටුවෙන් සහ මරදානෙන් ගමන් ආරම්භ කරන දුම්රිය ධාවනයේ පැවති ප්‍රමාදය මේ වන විට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ සංඥා පද්ධතියේ ඇති වූ දෝෂය ඉංජිනේරුවන් විසින් යළි සකස් කර ඇති බවයි.
ඒ අනුව මේ වන විට දුම්රිය ධාවනය නියමිත කාලසටහනට අනුව සිදුවන බව එහි ප්‍රකාශකයෙකු සඳහන් කළා.
update : Friday, 16 March 2018 – 15.45
———————————————————————————
කොළඹ කොටුව සහ මරදාන සිට ගමන් ආරම්භ කරන සියලුම දුම්රිය ගමන්වාර සංඥා දෝෂයක් හේතුවෙන් ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ කළා.