Gossips

Update – දිවයින අභ්‍යන්තරයේ සුළං තත්වය තවදුරටත් – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

දිවයින අභ්‍යන්තරයේ පවතින සුළං තත්වය තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඒ අනුව මධ්‍යම, උතුර, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලට පැයට කිලෝ මීටර් 50-60 ත් අතර තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි.
Update :- Tuesday, July 10, 2018 10.50 AM
—————————————————–
සුළඟේ වේගය ඉහළට
දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත්, 65ත් අතර වේගයකින් එම සුළං පැවතිය හැකි බවයි එමගින් සඳහන් කළේ.
මීට අමතරව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණ යන පළාත්වලට විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.