Gossips

Update :දියසිරිගමදී බස් රථයක් පෙරළීමෙන් තුවාල ලැබූ ගණන 29 දක්වා ඉහලට (ඡායාරූප)

හැටන් සිට සාමිමලේ දක්වා ධාවනය වු ලංගම බස් රථයක් දියසිරිගම ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරින් 29 දෙනෙක් රෝහල් ගත කර ඇති බව පොලිසිය පවසනවා.
ඔවුන් සියලුදෙනා දික්ඔය මුලික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි අප වාර්තාකරු පැවසුවේ.
අධික වේගයෙන් ධාවනය වු බස් රථය වේගය පාලනය කර ගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ.
බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල මගින් 35 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.
මෙම අනතුරින් බස් රථයේ රියදුරාද තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර අනතුර සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Update : Monday, April 23, 2018 , 17.35PM
———————————————————–
හැටන් – දියසිරිගම ප්‍රදේශයේදී බස් රථයක් පෙරළී පුද්ගලයන් 17 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ හැටන් සිට ඕල්ටන් දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක් රියදුරුට පාලනය කර ගත නොහැකිවීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

( ඡායාරූප – රංජිත් රාජපක්ෂ )