Gossips

Update : දිගන සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා රක්ෂිත බන්ධනාගාරයට

මහනුවර දිගන සිද්ධියට අත්අඩංගුවට ගත් පොදුජන පෙරමුණේ කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයා ඇතුළු තවත් අයෙක් ලබන 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා
ඒ ඔවුන් අද (29) අධිකරණයට ඉදිරිපති කිරීමේන් අනතුරුවයි.
මේ අතර මහනුවර දිගන සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් අමිත වීරසිංහ ඇතුළු සැකකරුවන් 9 දෙනා ලබන 10 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද නියෝග කෙරුණා.
Update : Thursday, March 29, 2018 , 10.11AM
————————————————————
මහනුවර – දිගන ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ නොසන්සුන්කාරී සිද්ධීන්වලට සම්බන්ධ කුණ්ඩසාල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ ත්‍රස්ත විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ඔහු ඊයේ (28) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි.