Gossips

Update – දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට මාතර දෙසට පැවති අවහිරතාව අවසන්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩම්ගොඩ – පිවිසුම ආසන්නයේ ලොරියක් මාර්ගය හරහා පෙරළී යාම හේතුවෙන් කොට්ටාව සිට මාතර දෙසට වන මං තීරුවේ පැවති අවහිරතාව මේ වන විට අවසන්ව තිබෙනවා.
කොට්ටාව දෙස සිට මාතර දක්වා ධාවනය වූ ලොරි රථයක් පෙරළී යාමෙන් මෙම අනතුර සිදුවූයේ අද (10) උදෑසනයි.
මේ නිසා පැයකට ආසන්න කාලයක් එම මාර්ගය අවහිරව පැවතියා.
Update :- Wednesday, April 10, 2019, 8.53AM
———————————————————-
ලොරි රථයක් අනතුරට ලක්වීමෙන් දක්ෂිණ අධිවේගයේ මාතර දෙසට රථවාහන තදබදයක්
ලොරි රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගය දොඩම්ගොඩ ප්‍රදේශයෙන් අවහිර වී තිබෙනවා.
මේ හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දෙසට රථවාහන තදබදයක් පවතින බවයි වාර්තා වන්නේ.