Gossips

Update : දක්ෂිණ අධිවේගී මාර්ගයේ රිය අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 70 වන කිලෝමීටර් කණුව ආසන්නයේදී අද පස්වරුවේ සිදුවූ අනතුරකින් කාන්තාවක ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
ගාල්ලේ සිට කොළඹ දෙසට ධාවනය වූ ජීප් රථයක් ආරක්ෂිත වැටේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් බවයි වාර්තා වන්නේ.

Update : Monday, July 9, 2018 16.48
———————————————
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම සහ බද්දේගම අතර 70 වෙනි කිලෝමීටර් කණුව අසල මීට සුළු වේලාවකට පෙර අනතුරක් සිදුව තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ දෙසට ධාවනය වූ සුඛෝපභෝගී ජීප් රථයක් බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුවූ අවස්ථාවේ සජීවී දර්ශන පහතින්.
මෙම අනතුර සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න…..