Gossips

update: ඥානසාර හිමියන් ඇප කොන්දේසි සපුරා අධිකරණයෙන් පිටව යයි

ඇප කොන්දේසි සපුරාලීමෙන් අනතුරුව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ භූමියෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ සඳහා බන්ධනාගාර වෑන් රථයකින් වැලිකඩ බන්ධනාගාරයේ සිට උන්වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන විත් තිබුණා.
සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා.
හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදා හරින ලෙසයි.
update : Friday, 22 June 2018 – 16.13
—————————————————————–
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ඇප
සන්ධ්‍යා එක්නැලිගොඩට බැන, තර්ජනය කිරීම සම්බන්ධයෙන් මාස 6ක සිර දඬුවම් නියම වූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අද ඇප හිමි වුණා.
හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග එහිදී නියෝග කළේ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත උන්වහන්සේ මුදා හරින ලෙසයි.
එසේම ඥානසාර හිමියන්ට විදෙස් ගමන් ද තහනම් කෙරුණා.
ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (22) දෙවන දිනටත් සලකා බැලුනා.
පසුගිය 19 වනදා එම අභියාචනය ප්‍රථම වරට කැඳවූ අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එදින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද පස්වරු 2 දක්වා කල් තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග නියෝග කළා.
එම අභියාචනය සලකා බලමිනුයි මහේස්ත්‍රාත්වරයා ඥානසාර හිමියන්ට ඇප ලබාදී ඇත්තේ.
මේ අතර ඇප අත්සන් කිරීම සඳහා වැලිකඩ බන්ධනාගාරයේ සිට පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් රැගත් බන්ධනාගාර වෑන් රථයක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය බලා පිටත්ව ගොස් තිබෙනවා.
අධිකරණය කළ දැනුම් දීමකට අනුවයි උන්වහන්සේ හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කැදවා ඇත්තේ.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳට බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට මාස 06 කින් ගෙවී යන පරිදි වසරක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම කෙරුනේ පසුගිය 14 වනදායි.
හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග දඬුවම් නියම කරමින් සඳහන් කළේ පැමිණිලිකාරියට රුපියල් 50,000 ක වන්දියක්ද ගෙවන ලෙසයි.
එය නොගෙවන්නේ නම් තවත් මාස 03 ක ලිහිල් සිරදඬුවමකටද යටත්වීමට සිදුවන බව හෝමාගම මහේස්ත්‍රාත්වරයා සඳහන් කළා.
බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව මෙම නඩුව ගොනු කෙරුණේ 2016 වසරේ ජනවාරි මාසයේදීයි.
ඒ, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට පැමිණි ඔහුගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩට හෝමාගම අධිකරණ පරිශ්‍රයේදී බැන තර්ජනය කිරීම සම්බන්ධයෙන්.