Gossips

Update : ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට ගිනි තබා ගත් පුද්ගලයා ලංගම සේවකයෙකු බව හෙළිවේ

පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ආසන්නයේ පිහිටි, ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී සිරුරට ගිනි තබා ගත් පුද්ගලයා ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවකයෙකු බව අනාවරණ වී තිබෙනවා.
ඔහු විශ්‍රාම ගැන්වීම හේතුවෙන් ඇති වූ ගැටළුවක් විසදා ගැනීම සඳහා ජාතික සේවක සංගම් මූලස්ථානයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ගිනි තබා ගත් එම පුද්ගලයා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
62 හැවිරිදි එම පුද්ගලයා බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
Update : Friday, March 15, 2019,1:43 PM
———————————————–
පිටකෝට්ටේ පිහිටි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය ආසන්නයේ පිහිටි, ජාතික සේවක සංගම් මූලස්ථානය ඉදිරිපිට දී පුද්ගලයෙකු සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ 62 හැවිරිදි එම පුද්ගලයා බොරැල්ල – වනාතමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
මේ වන විට සිද්ධියෙන් තුවාල ලැබූ මෙම පුද්ගලයා කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
ඔහුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ.
ඔහු ජාතික සේවක සංගමයේ හිටපු සාමාජිකයෙකු බවට ද තොරතුරු වාර්තා වනවා.