Gossips

Update : ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවකට සහභාගී වීමට එක්සත් ජාතික පෙරමුණෙහි නායකයන් ජනාධිපති මන්ධිරයට

එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාව සඳහා සහභාගී වීමට එක්සත් ජාතික පෙරමුණෙහි නායකයන් ජනාධිපති මන්ධිරය වෙත පැමිණෙමින් සිටිනවා.
ඔවුන් ද පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර එම සාකච්ඡාව අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ තවත් සාකච්ඡාවක නිරත වුණා.
Update Monday, December 3, 2018 08.00 pm
—————————————————-
අභියාචනාධිකරණ නියෝගයෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වුණා.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම රැස්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ද එක්ව සිටියා.
මේ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ද ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා.
පැය එකහමාරකට අධික කාලයක් ජනාධිපති නිල නිවසේ පැවති මෙම හමුවේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ දෙමළ ජාතික සන්ධානය අතර විශේෂ සාකච්ඡාවක් අද පස්රුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපතිවරයාගේ විශේෂ අවධානයක් යොමුකළ බවයි දෙමළ ජාතික සන්ධානය සඳහන් කළේ.
මෙම සාකච්ඡාව සඳහා එම පක්ෂයේ නායක ආර්. සම්බන්ධන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ. සුමන්දිරන්, සෙල්වම් අඩෙක්කලනාදන් සහ ධර්මලිංගම් සිද්ධාර්ථන් එක්වී සිටියා.
දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය සමඟ ඉදිරියේදී යළිත් වරක් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩෙක්කලනාදන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියා.
‘‘දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම ගැන අපි අද කතා කළා. ඒ අයගේ සම්පූර්ණ විස්තර නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පැහැදිලි කළා. මේ සිරකරුවන් දැනට අවුරුදු 10ක 15ක සිට රදවාගෙන ඉන්න අයයි. ජනාධිපතිතුමා කිව්වා දැනට ආණ්ඩුවක් නැති නිසා ආරක්ෂක කවුන්සිලයේදී මේ ගැන සාකච්ඡා කරනවා කියලා. ඉන් පසු ඉක්මන් විසදුමක් දෙනවා කියලත් එතුමා කිව්වා. ඒ වගේම අලුත් ආණ්ඩුවක් ආවාට පස්සේ මේ ගැටළුව ගැන තීරණයක් දෙනවා කියලත් තවත් දිනයක අපිත් එක්ක යළි සාකච්ඡා කරනවා කියලත් ජනාධිපතිතුමා කිව්වා.’’
මේ අතර, එක්සත් ජාතික පෙරමුණ සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර, තවත් සාකච්ඡාවක් අද රාත්‍රී 8 ට පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඔවුන් ද පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා සමඟ විශේෂ සාකච්ඡාවක නිරත වූ අතර එම සාකච්ඡාව අවසන් වූයේ එකඟතාවකින් තොරවයි.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී ජනාධිපතිවරයාගේ අවධානය යොමුකරන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජාතික පෙරමුණේ නායකයින් අද පෙරවරුවේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සමඟ තවත් සාකච්ඡාවක නිරත වුණා.
එක්සත් ජාතික පෙරමුණේ සාමාජික, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් සඳහන් කළේ උද්ගතව ඇති දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ අද රාත්‍රියේ පවත්වනු ලබන සාකච්ඡාව තීරණාත්මක අවසන් සාකච්ඡාව බවයි.