Gossips

update : ජනපති සහ එජාපෙ අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයන් අතර පැවති සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.
යළිත් හෙට (02) ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට තීරණය කෙරුනු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් කියාසිටියේ.
update : saturday, 01 December 2018 – 01.01
——————————————————–
ජනපති සහ TNA අතර සාකච්ඡාව අවසන්
පවතින අර්බුදකාරී දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට පැවැත්වෙනවා.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදී.
මේ අතර ජනාධිපතිවරයා සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්ද අද (30) පස්වරුවේ පැවැත්වුණා.