Gossips

Update – ජනපතිගේ තීරණයට අභියෝග කරමින් ගොනුකළ පෙත්සම් විභාගයට ගැනීම දෙවන දිනටත් ඇරඹේ

ජනාධිපති විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති පෙත්සම් දෙවන දිනටත් විභාගයට ගැනීම මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගයට ගැනෙනවා.
Update :- Wednesday, December 5, 2018, 10.25AM
—————————————————————-
ජනපතිගේ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකළ පෙත්සම් විභාගය අදත්
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක් කරමින් පාර්ශව 13ක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් දෙවන දිනටත් අද (05) යළිත් විභාගයට ගැනෙනවා.
ඊයේ (04) පෙරවරු 10 ට පමණ මෙම පෙත්සම් විභාගයට ගැනීම ආරම්භ වුණේ අගවිනිසුරු ප්‍රමුඛ සත් පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේයි.
එම පෙත්සම් විභාගය හෙට (06) දක්වා පැවැත්වෙනු ඇති.
පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වීම් ඊයේ (04) සිදුකරනු ලැබුවා.
ඊට එරෙහිව ඉදිරිපත් වූ අතරමැදි පෙත්සම් වෙනුවෙන් කරුණු දැක්වීම අද සිදුකිරීමට නියමිත අතර, නීතිපතිවරයාගේ කරුණු දැක්වීමද සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ඇතුළු පාර්ශව 13ක් මෙම පෙත්සම් ගොනු කර තිබුණා.
මීට පෙර පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අනිද්දා දක්වා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට පියවර ගෙන තිබුණා.