Gossips

Update – කොට්ටාවේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක හට ගත් ගින්න මැඬ පවත්වයි

කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක අද (25) පස්වරුවේ හට ගත් ගින්න මේ වන විට සම්පූර්ණයෙන්ම මැඬ පවත්වා තිබෙනවා.
එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ අසළ තිබූ වෙළදසැලකට ද ගින්නෙන් හානි සිදුව ඇති බවයි.
ගින්න නිවීම සඳහා ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් රථ 03ක් සහ දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද යොදා ගැනුණා.
කෙසේ වෙතත්, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
Update :- Sunday, February 25, 2018 5.18 pm
————————————————————–
කොට්ටාව ප්‍රදේශයේ මෝටර් රථ අමතර කොටස් ගබඩාවක ගින්නක් හටගෙන තිබෙනවා.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගින්න මැඬ පැවැත්වීම සඳහා ගිනි නිවන රථ 02ක් එම ස්ථානයට යොමු කළ බවයි.
එමෙන්ම දෙහිවල – ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් රථයක් ද එම ස්ථානයට පිටත් කර යවා තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.