Gossips

update : කොටහේනේ වෙඩි තැබීමෙන් තුවාල ලැබූ අයෙක් මරුට

කොටහේන හෙට්ටියාවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලැබු පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
ඔහු හෙට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිසිය කියාසිටියේ.
අද රාත්‍රී 7.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කළ වෙඩි තැබීමකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලැබුවා.
ඔවුන් ප්‍රතිකාර සඳහා ඇතුලත් කෙරුනේ කොළඹ ජාතික රෝහලටයි.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදීයි එක් පුද්ගලයෙක් මරණයට පත්වී ඇත්තේ.
වෙඩි තැබීමට සම්බන්ධ සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
update : Thursday, 08 March 2018 – 20.56
——————————————————————
කොටහේනේ වෙඩි තැබීමක්
කොටහේන හෙට්ටියාවත්ත හංදියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 3 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද රාත්‍රී 7.30 ට පමණ යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකුගෙන් පිටුපස සිටි පුද්ගලයා වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබු තුන්දෙනා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
ඔවුන් අවුරුදු 29, 34 සහ 61 වයස්වල පසුවන හෙට්ටියාවත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් තිදෙනෙක්.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් එම යතුරුපැදියෙන්ම පළාගොස් තිබෙනවා.
සිද්ධිය පිළිබඳ කොටහේන පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.