Gossips

Update : කුලියාපිටියේ ගින්න තවමත් (ඡායාරූප)

කුලියාපිටිය -හෙට්ටිපොල – කරගහගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්තශාලාවක හටගත් ගින්න තවමත් පාලනය කර නොමැති බව එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළා.
ගින්න පාලනය කිරීම සඳහා ගිනිවීමේ රථවලට අමතරව බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ද යෙදවූ බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.

Update : Wednesday, February 27, 2019 , 4:19 PM
———————————————————-
කුලියාපිටිය -හෙට්ටිපොල – කරගහගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්තශාලාවක හටගත් ගින්නෙන් ගොඩනැගිල්ලක් සහ ලොරි රථයක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්න පාලනය කිරීම සඳහා බෙල් 212 හෙලිකොප්ටර් යානයක් ද යොදවා ඇති බවයි ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න ප්‍රකාශ කළේ.
එසේම හලාවත සහ කුරුණෑගල ගිනි නිවීමේ ඒකකයන්ද මෙහෙයුමට එක්ව සිටිනවා.
ගින්නෙන් සුළු තුවාල ලැබූ කොහු කර්මාන්තශාලාවේ සේවකයින් කිහිපදෙනෙකු කුලියාපිටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තාකරු ප්‍රකාශ කළේ.


ඡායාරූප – කුලියාපිටිය උපේන්ද්‍ර