Gossips

Update : කියුබාවට නව නායකයෙක් පත්වෙයි

කියුබාවේ නව නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා
මිගෙල් ඩියෙස් කැනල්, කියුබාවේ වත්මන් නායක රාවුල් කස්ත්‍රෝගේ ප්‍රධානතම අනුගාමිකයා ලෙසයි හැදින්වුයේ.
Update : Thursday, April 19, 2018 , 09.29
—————————————————-
කියුබාවේ මීළඟ නායකයා ලෙස මිගෙල් ඩියෙස් කැනල් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.
ඒ පිළිබඳ නිල නිවේදනය අද පස්වරුවේ එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
මිගෙල් ඩියෙස් කැනල්, කියුබාවේ වත්මන් නායක රාවුල් කස්ත්‍රෝගේ ප්‍රධානතම අනුගාමිකයා වනවා.
කියුබාවේ නව නායකත්වයත් සමඟ 1959 කියුබානු විප්ලවයේ සිට මෙතෙක් එරට නායකත්වයේ කටයුතු කළ කැස්ත්‍රෝ පවුලේ අවසානයද සනිටුහන් වනු ඇති.
හිටපු නායක ෆිදෙල් කස්ත්‍රෝ විසින් සිය සොහොයුරා වන රාවුල් කස්ත්‍රෝ වෙත බලය පවරනු ලැබුවේ 2006 වසරේදී යි.