Gossips

Update : කින්නියා උණුසුම් – නාවික හමුදාවෙන් අහසට වෙඩි

ත්‍රිකුණාමලය – කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගං මෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇති වූ උණුසුම් තත්ත්වයත් සමඟ ඔවුන් විසුරුවා හැරීමට නාවික හමුදාව අහසට වෙඩි තැබීමක් සිදුකර තිබෙනවා.
මෙහිදී ගගට පැන පලා යාමට උත්සාහ කළ පුද්ගලයින් තුන්දෙනෙකු අතුරුදන්ව ඇති අතර, ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බව නාවික හමුදාව නිවේදනය කළා.
එම අවස්ථාවේදී නාවික හමුදාව අහසට වෙඩි පහර දෙකක් එල්ල කර ඇති අතර, පසුව පැමිණි පොලිසිය හා විශේෂ කාර්ය බලකාය තත්ත්වය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින බවයි නාවික හමුදාව කියා සිටියේ.
අද පෙරවරුවේ නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව මෙම හදිසි වැටලීම සිදුකරනු ලැබුවේ ලද තොරතුරකට අනුවයි.
එහිදී නාවික හමුදාව දැක බියට පත් වී වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු ගගට පැන පලායාමට උත්සාහ දරා තිබෙනවා.
————————————————–
කින්නියා – කන්දල්කාඩු ප්‍රදේශයේ මහවැලි ගං මෝය ආසන්නයේ අනවසරයෙන් වැලි ගොඩදමමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී ගඟට පැන පලා යාමට උත්සාහ කළ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා.
අද පෙරවරුවේ නාවික හමුදාව විසින් මෙම හදිසි වැටලීම සිදුකරනු ලැබුවේ ලද තොරතුරකට අනුවයි. එම අවස්ථාවේදී නාවික හමුදාව දැක බියට පත් වී වැලි ගොඩ දමමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු ගඟට පැන පලායාමට උත්සාහ දරා තිබෙනවා.
එම අවස්ථාවේදී එක් අයෙකු බේරාගෙන ඇති අතර, අතුරුදන්වූ අනෙක් පුද්ගලයින් දෙදෙනා සොයා මේ වනවිට නාවික හමුදාව සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය කියා සිටියේ.