Gossips

update: කැළණි ගඟේ දිය නෑමට ගිය ටෙලිනාට්‍ය නිළිය මරුට (ඡායාරූප)

ගිනිගත්හේන යටිබේරිය ප්‍රදේශයෙන් කැළණි ගඟේ දිය නෑමට ගොස් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ ටෙලිනාට්‍ය සහය නිළියක් බවට අනාවරණ වී තිබෙනවා.
ඇය 27 හැවිරිදි එක්දරු මවක් බවටයි සිදුකළ විමර්ශණවලදී හෙළිවී ඇත්තේ.
පවුලේ සාමාජිකයන් පිරිසක් සමග කිතුල්ගල ප්‍රදේශයේ සංචාරයකට පැමිණි අවස්ථාවේ දිය නෑමට ගොස් ඇය අනතුරට ලක්වුනා.
අද පස්වරු 1.30 ට පමණ දිය නෑමට ගිය අවස්ථාවේ සැඩ පහරකට හසුවී ඇය ගසාගෙන ගොස් තිබු අතර සිරුර සොයා ගැනුනේ එම ස්ථානයට මදක් දුරින් තිබියදීයි.
පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව ඇයගේ සිරුර සොයාගෙන තැලිගම රෝහලට යොමුකර තිබුනා.
ඇය දිය නෑම සිදුකළ ස්ථානයේ දිය නෑම අවධානම් බව සඳහන් කරමින් දැන්වීම් පුවරු පවා සවිකර ඇති බවයි ගිනිගත්හේන පොලිසිය ප්‍රකාශකර ඇත්තේ.
දිය නෑමට ගිය මෙම තරුණියට ගඟ මැදට ගොස් ඇති අතර එම ස්ථානයට නොයන ලෙසට පවුලේ සාමාජිකයන් ප්‍රකාශකළ බවයි ඔවුන්ගේ ඥාතියෙකු සඳහන් කර තිබෙනවා.
මෙම අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය වැඩිදුර විමර්ශණ සිදුකරනවා.

update : Tuesdayy, 17 April 2018 – 17.22
—————————————————————————–
ගිණිගත්හේන යටිබේරිය ප්‍රදේශයෙන් කැළණි ගගේ දිය නෑමට ගිය තරුණියක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මහනුවර ප්‍රදේශයේ සිට පවුලේ සාමාජිකයන් සමග විනෝද චාරිකාවක් පැමිණ සිටියදී තරුණිය අනතුරට ලක්ව ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අද පස්වරු 1.30 ට පමණ දිය නාමින් සිටියදී ඇය සැඩ පහරකට හසුවී ගසාගෙන ගොස් තිබෙනවා.
තරුණියගේ වයස අවුරුදු 24 ක්.
පවුලේ සාමාජිකයන් සහ ප්‍රදේශවාසීන් එක්ව සිදු කළ මෙහෙයුමකදී දිය නාමින් සිටි ස්ථානයට මදක් දුරින් තිබියදී ඇයගේ සිරුර හමුවී ඇතැයි සඳහන්.
ඔවුන් දිය නාමින් සිටි ස්ථානය අනතුරුදායක බවට දැන්වීම් පුවරු පවා සවිකර තිබී ඇති බවයි වාර්තා වන්නේ.