Gossips

Update : කහතුඩුවේ ඇළකට වැටුණු තරුණයාගේ සිරුර හමුවේ

පිළියන්දල – කහතුඩුව – හෙරලියාවල ප්‍රදේශයේ ඇළකට වැටී අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුර හමුවී තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද උදෑසන ඇලේ පාවෙමින් තිබියදී මළ සිරුර සොයා ගත් බවයි.
කහතුඩුව පොලීසිය ඊයේ දහවල් හෙරලියාවල ප්‍රදේශයේ වැටලීමක් සිදුකරනු ලැබුවේ ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහායි.
එහිදී පොලීසිය පැමිණෙනු දුටු තරුණයෙකු අසළ තිබූ ඇළකට පැන තිබුණා.
මෙම සිද්ධියෙන් පසුව ප්‍රදේශවාසීන් පිරිසක් ද කහතුඩුව පොලිස් ස්ථානයට පැමිණ විරෝධය පළ කර තිබුණේ අදාළ තරුණයා අතුරුදන් වී ඇති බව සදහන් කරමින්.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.
Update : Saturday, February 17, 2018 08.24
—————————————————-
පිළියන්දල – කහතුඩුව – හෙරලියාවල ප්‍රදේශයේ ඊයේ දහවල් සිදුකළ පොලිස් වැටලීමක් අතරතුර තරුණයෙකු අතුරුදන් වී තිබෙනවා.
විවිධ ජාවාරම් පවතින බවට සැක කෙරෙන ප්‍රදේශයක මෙම වැටලීම සිදුකර ඇති අතර, එහිදී සැක කටයුතු ලෙස පුද්ගලයෙකු අසළ පිහිටි ඇළ මාර්ගයකට පැන ඇති බව සඳහන්.
පොලිස් නිලධාරීන් මෙහෙයුම නිමවා නැවත පොලිස් ස්ථානය වෙත පැමිණ ඇති අතර, ඊයේ රාත්‍රියේ එහි පැමිණි ප්‍රදේශවාසීන් පිරිසක් පවසා ඇත්තේ ඇල මාර්ගයට පැන ඇති තරුණයා අතුරුදන්ව ඇති බවයි.
එහිදී උණුසුම් තත්ත්වයක් ද පැන නැගී ඇති බව අප වාර්තාකරු සඳහන් කළා.
කෙසේ නමුත්, අද උදෑසන තරුණයා සෙවීම සඳහා මෙහෙයුමක් කිරීමට පැමිණෙන බවයි පොලීසිය ප්‍රකාශ කර ඇත්තේ.