Gossips

Update – කරන්නාගොඩ CIDයට පැමිණෙයි

අධිකරණ නියෝගයකට අනුව ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, අද (11) පෙරවරු 9 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය හත්වනදා මොහුට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසට නියේාගයක් ලබාදුන්නේ ඔහු විසින් තමන් අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සළකා බැලූ අවස්ථාවේදියි.
එමෙන්ම එදින හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ රඳවාතබාගැනීම වළක්වලමින් තහනම් නියෝගයක්ද නිකුත් කළා.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාටද චෝදනා එල්ලවනවා.
Update :- Monday, March 11, 2019, 9.06 AM
———————————————————
කරන්නාගොඩ අද සී.අයි.ඩී.යට
තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
ඒ, ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය හත්වනදා ලබාදුන් නියෝගයකට අනුවයි.
හිටපු නාවික හමුදාපතිවරයා අත්අඩංගුවට ගැනීම හෝ රඳවා තබාගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය එදිනම තහනම් නියෝගයක්ද නිකුත් කළා.
2008 – 2009 කාල වකවානුවේදී තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිවරයාටද චෝදනා එල්ලවනවා.