Gossips

Update : කඩුවෙල පාලමේ එක් මංතීරුවක් විවෘත කරයි

කඩුවෙල බියගම පාලමේ එක් මංතීරුවක් ගමනා ගමනය සඳහා විවෘත කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළා.
ගිලා බැසීමේ අවදානමක් හේතුවෙන් පාලම අද උදෑසන සම්පුර්ණයෙන් වසා දැමුනා.
අනතුරුව මාර්ගයේ තත්වය පිළිබඳව අදාළ බලධාරීන් විසින් පරික්ෂා කිරීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුවයි යළි මාර්ගයේ එක් මංතීරුවක් ධාවනය සඳහා විවෘත කර ඇත්තේ.

Update : Wednesday, May 23, 2018
——————————————–
බියගම – කඩුවෙල නගර යා කෙරෙන ප්‍රධාන පාලමෙන් වාහන ධාවනය කිරීම මේ වනවිට සම්පූර්ණයෙන් නතර කර තිබෙනවා.
ඒ එම පාලම ගිලා බැසීමේ අවදානමකට ලක්වීම හේතුවෙන්.
පාලම ආසන්නයේ කැළණි ගඟේ ඉවුරු ඛාදනය සිදුව තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මේ හේතුවෙන් හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.

Update : Wednesday, May 23, 2018
——————————————–
බියගම – කඩුවෙල නගර යා කෙරෙන ප්‍රධාන පාලමෙන් වාහන ධාවනය කිරීම මේ වනවිට සීමාකර තිබෙනවා.
පාලම ආසන්නයේ කැළණි ගඟේ ඉවුරු ඛාදනය සිදුව තිබීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි පොලීසිය සදහන් කළේ.
මේ අතර, කඳාන නගරයේදී කන්ටේනර් රථයක් අනතුරට ලක්වීම හේතුවෙන් කොළඹ – මීගමුව ප්‍රධාන මාර්ගයේ කොළඹට පිවිසෙන මංතීරුවේ රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
අදාළ රථය ඉවත් කිරීමේ කටයුතු මේ වනවිට සිදුකෙරෙන අතර, හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි පොලීසිය ජනතාවට දැනුම් දෙන්නේ.