Gossips

update : කඩවතදී වෙඩි ප්‍රහාරයට ලක්වුණු කාන්තාව ඝාතන සිද්ධියක සැකකාරියක්

කඩවත – ගෝනහේන මංසන්ධියේදී අද පස්වරුවේ සිදුවු වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති කාන්තාව පුද්ගල ඝාතන නඩුවක සැකකාරියක් බව පොලීසිය ප්‍රකාශ කළා.
34 හැවිරිදි ඇය කඩවත – රන්මුතුගල ප්‍රදේශයේ පදිංචිකාරිනියක්.
පසුගිය වසරේ දෙසැම්බර් 30 වනදා ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන ඇයගෙන් දික්කසාද වූ සැමියා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, මෙම කාන්තාවට චෝදනා එල්ලවී තිබුණා.
එම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිටි ඇය ඇප ලබා පැමිණ ඇත්තේ මීට මාසයකට පමණ පෙරයි. ඊට අදාළ නඩුවට මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගොස් යතුරුපැදියෙන් යළි නිවසට පැමිණෙන අවස්ථාවේදී මෙම කාන්තාව වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
update : Monday, 07 August 2018 – 14.57
————————————————————————————
කඩවත වෙඩි තැබීමක්
කඩවත – ගෝනහේන මංසන්ධියේදී සිදුවු වෙඩි තැබීමකින් කාන්තාවක් තුවාල ලබා තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ තුවාල ලැබූ කාන්තාව රාගම රෝහලට ඇතුළත් කර ඇති බවයි.
වෙඩි ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැහැ.