Gossips

update: කංජිපානි ඉම්රාන් මාස 3 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට CCDයට අධිකරණයෙන් අවසර

ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් මාස 3 ක් රදවාගෙන ප්‍රශ්න කිරීමට කොළඹ අපරාධ කොට්ඨාශයට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.
ඒ සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනා ද සිල්වා හමුවට අද පස්වරුවේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයෙන් සිදුකළ ඉල්ලීම පිළිබදව සලකා බලා මෙම නියෝගය පනවා තිබෙනවා.
update : Saturday, 30 March 2019 – 15.37
—————————————————————-
කංජිපානි ඉම්රාන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට
ඩුබායි සිට මෙරටට පිටුවහල් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැණුනු ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් මේ වනවිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
මෙහිදී සැකකරු දින 90ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණයෙන් අවසර ලබා ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාශය සූදානම් වන බවටයි වාර්තා වන්නේ.
සැකකරුගෙන් මීට පෙර කොළඹ අපරාධ කොට්ඨාශය පැය 15 කට අධික කාලයක් ප්‍රශ්න කරනු ලැබුවා.
මේ අතර, සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ද ඊයේ දිනයේදී කංජිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කර තිබෙනවා.