Gossips

Update : ඉන්දුනීසියාවේ තවත් භූ කම්පනයක්

නැගෙනහිර ඉන්දුනීසියාවේ මලූකු ප්‍රාන්තයේ වෙරළාසන්නයේ අද රික්ටර් පරිමාණයේ 6.1 ක ප්‍රබල භූ කම්පනයක් සිදුවුණා.
කෙසේ නමුත් එමඟින් සිදුවූ හානි පිළිබඳව මෙතෙක් වාර්තාවී නැහැ.
ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ අද රික්ටර් පරිමාණයේ 5.4 ක භූ කම්පනයක් සිදුවී තිබෙනවා.
පසුගිය වසරේ සැප්තැම්බරයේ ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ සිදුවූ රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයෙන් සහ ඉන් අනතුරුව ඇතිවූ සුනාමියෙන් පුද්ගලයන් 2200 ක් පමණ ජීවිතක්ෂයට පත්වුණා.
Update : Sunday, March 24, 2019 ,1:33 PM
————————————————-
ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ අද රික්ටර් පරිමාණයේ 5.4 ක භූ කම්පනයක් සිදුවුණා.
එහි කේන්ද්‍රය, පසුගිය සැප්තැම්බරයේ රික්ටර් පරිමාණයේ 7.5 ක භූ කම්පනයක් සිදුවූ පාලූ නගරයට කිලෝමීටර 129 ක් ගිණිකොණ දෙසින් පිහිටි බවයි ඇමරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේ.
පසුගිය වසරේ භූ කම්පනයෙන් පුද්ගලයන් 2000 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, පාලූ නගරයට දැඩි අලාභහානි සිදුවුණා.
කෙසේ නමුත් අද භූ කම්පනයෙන් සිදුවූ හානි පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.