Gossips

Update – ඉන්දුනීසියාවට බලපෑ සුනාමියෙන් මියගිය ගණන ඉහළට

ඉන්දුනීසියාවේ, සුලවේසි දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්ත්වය හේතුවෙන් තවත් 356 කට අධික පිරිසක් මේ හේතුවෙන් තුවාල ලබා ඇති බවයි.
rnrnrn



Update :- Saturday, September 29, 2018 11.18 am
——————————————————————
ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වුණා. පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි සිදුව තිබෙනවා.
මිය ගිය සංඛ්‍යාව පිළිබදව නිළ වාර්තා නොමැති වුවද අවම වශයෙන් පුද්ගලයන් 30 දෙනෙකුවත් මිය යන්නට ඇති බවයි වාර්තා වන්නේ.
තුන් ලක්ෂ 50,000ක් පමණ ජනගහනයක් වෙසෙන පාළු නගරයේ ජීවිත හානි සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව විදෙස් වාර්තා සඳහන් කළා.
ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයින ආශ්‍රිතව පසුගිය අගෝස්තු මාසයේ භූ කම්පන වැළක් සිදුවූ අතර එමගින් මිය ගිය සංඛ්‍යාව 460කට අධිකයි. සුලවේසි දිවයින ආශ්‍රිතව ඊයේ සිදුවූ භූ කම්පනය ඊට වඩා ප්‍රබල එකක් බව සඳහන්.