Gossips

update : ඇල්ජීරියා ගුවන් අනතුරින් මියගිය සංඛ්‍යාව 257 ක් දක්වා ඉහළට

උතුරු ඇල්ජීරියාවේ සිදුවු ගුවන්යානා අනතුරින් පුද්ගලයන් 257 දෙනෙකු මියගොස් ඇතැයි අනාවරණ වී තිබෙනවා.
එරට රූපවාහිනී නාලිකාවක් විසිනුයි මරණ සංඛ්‍යාව ප්‍රකාශකර ඇත්තේ.
හමුදාවට අයත් මෙම යානය ගුවන්ගත වී සුලු මොහොතකින් අනතුරට ලක්වූ බවටයි වාර්තා වන්නේ.
කෙසේවෙතත් යානය අනතුරට ලක්වීමට හේතුවක් මෙතෙක් නිශ්චිතව අනාවරණ වී නැහැ.
ඇල්ජීරියා ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කළේ සිද්ධිය පිළිබඳ මේ වන විට විශේෂ විමර්ශණයක් ආරම්භ වී ඇති බවයි.
එමෙන්ම මියගිය පුද්ගලයන්ගේ පවුල්වල ඥාතීන් වෙත කණගාටුව ප්‍රකාශ කරමින් අමාත්‍යංශය විශේෂ නිවේදනයක් ද නිකුත්කර තිබෙනවා.
2014 වසරේ පෙබරවාරි මාසයේදී ද ඇල්ජීරියාවේ සිදුවූ ගුවන්යානා අනතුරකින් 77 දෙනෙකු මියගිය අතර එක් අයෙකු දිවි බේරා ගැනීමට සමත්වුනා.
update : Wednesday, 11 April 2018 – 16.41
————————————————————————
ඇල්ජීරියාවේ දරුණු ගුවන් අනතුරක්
ඇල්ජීරියාවේ හමුදා ගුවන් යානයක් අනතුරට ලක්ව තිබනෙවා.
අනතුරෙන් යානයේ ගමන් ගත් සියලු මගීන් මියයන්නට ඇති බවට සැකකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
අනතුර සිදුවන අවස්ථාවේ පුද්ගලයින් 200 දෙනෙකු පමණ යානයේ සිට ඇති බවට තොරතුරු වාර්තා වනවා.