තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ තිබෙනවා.
ඊයේ (27) දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම්දී තිබූ නමුත් ඔහු ඊයේ එහි පෙනී සිටියේ නැහැ.
පසුගිය සැප්තැම්බර් 10 වනදා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණ ද එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙන්.
මීට පෙර අවස්ථා 3 කදී අධිකරණය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව නියෝග නිකුත් කර තිබු අතර, එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනිමට තරම් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය 02 වනදා නියෝග කළා.
Update :- Wednesday, November 28, 2018, 10.14 am
——————————————————————-
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අද අධිකරණයට
තරුණයින් 11 දෙනෙකු පැහැරගැනීමේ සිද්ධියේ සැකකරුවෙකුට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් එල්ලවන චෝදනාව පිළිබඳව කරුණු දැක්වීම සඳහා තමන් අද (28) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න ප්‍රකාශ කළා.
හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකට පිළිතුරු ලෙසයි ඔහු මේ බව කියා සිටියේ.
ඊයේ (27) දිනයේ මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහුට දැනුම්දී තිබූ නමුත් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ඊයේ (27) එහි පෙනී සිටියේ නැහැ.
ඔහු ප්‍රකාශ කළේ ඊයේ (27) දිනයට යෙදී තිබූ මහවිරු දිනය නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල නිරීක්ෂණ කටයුතුවලට තමන් එක්ව සිටි බවයි.
තරුණයින් 11 දෙනෙකු පැහැර ගැනීමේ සිද්ධියේ සැකකරුවෙකු වන හිටපු ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිට රැකවරණ ලබාදුන් බවට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්නට චෝදනා එල්ල වනවා.
පසුගිය සැප්තැම්බර් 10 වනදා ඔහුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබුණ ද එදින නොපැමිණියේ මෙක්සිකෝවේ රාජකාරි කටයුත්තක් සඳහා පිටත්ව යාම හේතුවෙන්.
මීට පෙර අවස්ථා 3 කදී අධිකරණය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහිව නියෝග නිකුත් කර තිබු අතර, එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේ ඔහු අත්අඩංගුවට ගැනිමට තරම් සාක්ෂි පවතින බවයි.
ඒ අනුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක පසුගිය 02 වනදා නියෝග කළා.
2008 – 2009 කාලසීමාවේදී තරුණයන් 11 දෙනෙකු කොළඹ දී පැහැර ගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනා මත ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට ගනු ලැබුවේ සැප්තැම්බර් මස 13 වනදායි.
පසුගිය 21 වනදා ඊට අදාළ නඩුව කොළඹ – කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවේ කැඳවූ අවස්ථාවේදී නියෝග කෙරුණේ සැකකාර ලුතිනන් කමාන්ඩර්වරයා ලබන මස 5 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටයි.
පැහැර ගත් තරුණයින් සඟවාගෙන දුරකථන ඇමතුම් ලබාදී ඔවුන්ගේ පවුල්වලින් කප්පම් ලබා ගැනීම හා ඊට ආධාර අනුබල ලබාදුන් සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට පරීක්ෂණ සිදුකරන බව ද එදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා.