Gossips

Update – ආමර් විදියේ වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට

කොළඹ ආමර් විදිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.
මෙසේ මරණයට පත්ව ඇත්තේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙක්.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ ඔහුගේ බිරිද ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය පැවසුවේ.
වෙඩි තැබීමට හේතුව මෙතෙක් ආනාවරණය වී නොමැති අතර ආමර් විදිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Update :- Monday, March 19, 2018 12.13 Pm
—————————————————-
කොළඹ ආමර් විදිය ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෝටර් රථයකට සිදුකළ වෙඩි තැබීමකින් තුවාල ලැබූ අයෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බව පොලිසිය පවසනවා.