Gossips

update : ආබාධිත රණවිරු විරෝධය අවසන්

ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව තම විරෝධතාවය අවසන් කළ බව අද උදෑසන කොටුව දුම්රියපොල ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ ආබාධිත රණවිරුවන් ප්‍රකාශ කළා.
දින 3 ක් ඇතුළත තම ගැටලූව පිළිබඳව තොරතුරු සොයා බලා විසඳුමක් ලබාදෙන බවයි එම අතිරේක ලේකම්වරයා ප්‍රකාශ කර ඇත්තේ.
රාජ්‍ය නොවන සංවිධානයක්, ආබාධිත රණවිරුවන් පිරිසකගේ නම් සහිත ලිපි ගොනුවක් විදෙස් රටවලට යොමුකර ඉන් මුදල් ලබාගෙන ඇති බව පවසමින් ඔවුන් අද උදෑසන කොටුව දුම්රියපොල ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා.
Update : 27 Friday 2018 , 14.29
—————————————–
රාජ්‍ය නොවන සංවිධානයක්, ආබාධිත රණවිරුවන්ගේ නම් සහිත ලිපි ගොනුවක් විදෙස් රටවලට යොමුකර ඉන් මුදල් ලබාගෙන ඇති බව පවසමින් හොරණ සහ මිල්ලනිය ප්‍රදේශවල ආබාධිත රණවිරුවන් පිරිසක් කොටුව දුම්රියපොල ඉදිරිපිට අද (27) විරෝධතාවක නිරත වුණා.
ඔවුන් ජනාධිපති ලේකම් කාර්යාලයට යන බවට ප්‍රකාශ කිරීමත් සමඟ ගාලූමුවදොරට පිවිසෙන මාර්ගය ලෝටස් වටරවුමෙන් වසා දැමීමට ද පොලීසිය පියවර ගත්තා.