Gossips

Update – ආණ්ඩුවට එරෙහිව ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද ? නැද්ද ? – තීන්දුව අද පස්වරු තුනට

අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව සඳහන් කරමින් ගොනුකළ පෙත්සම විභාගයට ගන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීන්දුව ලබාදීම අද පස්වරු 3 දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියෝග කළා.
දෙවන දිනටත් මෙම පෙත්සම සළකා බැලුණේ අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට බලයක් නොමැති බවට ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කරනු ලැබුවේ පසුගිය 23 වනදායි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු එය ගොනු කර තිබෙනවා.
Update :- Monday, December 3, 2018, 1.02 pm
————————————————–
ආණ්ඩුවට එරෙහි විපක්ෂයේ පෙත්සම විභාග කිරීම යළි ඇරඹේ
වත්මන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේදී දෙවන දිනටත් අද විභාග කිරීම ආරම්භ කර තිබෙනවා.
ඒ, අභියාචනාධිකරණ සභාපති විනිසුරු පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර හමුවේයි.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට සහ වත්මන් අමාත්‍ය මණ්ඩලයට එම තනතුරු දැරීමට බලයක් නොමැති බවට ක්වෝ වොරොන්ටෝ රීට් ආඥාවක් ඉල්ලා මෙම පෙත්සම ගොනු කර තිබුණේ පසුගිය 23 වනදායි.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු එය ගොනු කර තිබුණා.
මේ අතර අමාත්‍යවරුන්ගේ ලේකම් සංගමයද අද පෙරවරුවේ කෙසෙල්වත්ත පොලීසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ පෙත්සම් විභාග කරන දිනයන්හිදී ශ්‍රේෂ්ඨාධිකරණ බල ප්‍රදේශය තුළ පුද්ගල කණ්ඩායම්, දේශපාලන පක්ෂ සහ සංවිධාන අයුතු ජනරාශියක් යොමු කිරීම වළක්වාලන ලෙස ඉල්ලමින්.