Gossips

Update : අලූත්කඩේ වෙඩි තැබීමක් – තුවාලකරු සමඟ සැකකරුත් මියයයි

අලුත්කඩේ අධිකරණය අසල අද පස්වරු 4.50 ට පමණ සිදුවූ වෙඩි තැබීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.
ඒ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබු පුද්ගලයා කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුලත් කරනු ලැබුවා.
එහිදී ඔහු මරණයට පත්වී ඇති අතර ඔහු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙක්.
වෙඩි තැබීමට පැමිණි සැකකරු ප්‍රදේශවාසීන් විසින් අත්අඩංගුවට ගෙන පොලිසියට භාරදී තිබු අතර ඔහු ඇතුලත් කෙරුනේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයටයි.
එහි ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ද මරණයට පත්වු බවයි පොලිසිය කියාසිටියේ.
Update : Friday, 16 February 2018 – 17.50
———————————————————————-
කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
39 හැවිරිදි මෙම පුද්ගලයා බරපතල තුවාල ලබා ඇති අතර ඔහු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි පොලිසිය සඳහන් කළේ.
පස්වරු 4.50 ට පමණ වෙඩි තැබීම සිදුව ඇති අතර තුවාලකරු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවට අනාවරණ වී තිබෙනවා.
වෙඩි තැබීමට අදාළව සැකපිට පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී ඇතැයි සඳහන්.
සැකකරු ද තුවාල ලබා බරපතල තත්වයෙන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.
සිද්ධිය පිළිබඳ කෙසෙල්වත්ත පොලිසිය විමර්ශණ ආරම්භ කර තිබෙනවා.