මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5 දෙනා ලබන මස 5 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
ඒ, ඔවුන් අද පස්වරුවේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.
අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දහවල් අත්අඩංගුවට ගනු ලැබූ අතර, මෙම වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තුන්දෙනෙකු ද ඔවුන්ගේ නිවෙස්වලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගනු ලැබුවේ අද පෙරවරුවේදියි.
Update : Monday, March 25, 2019 16.58
—————————————————-
මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකාර අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු 5 දෙනා මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.rn
හිරු අධිකරණ වාර්තාකරු සඳහන් කළේ ඔවුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ බවයි.
අර්ජුන් ඇලෝසියස්ගේ පියා වන එම සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද දහවල් අත්අඩංගුවට ගනු ලැබුවා.
එමෙන්ම, මෙම වංචාව සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපතිවරයෙකු වන පී. සමරසිරි සහ පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් තුන්දෙනෙකු ද ඔවුන්ගේ නිවෙස්වලදී අද උදෑසන එම දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තා.
rn
