Gossips

Update : අයවැය ඡන්දය ගැන නිදහස් පක්ෂයේ තීන්දුවක් නෑ, 4 වනදා යළිත් රැස්වීමක් – දයාසිරි

අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අද පැවති සාකච්ඡාවේදීත් අවසන් තීන්දුවක් නොගත් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර ප්‍රකාශ කළා.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ අයවැය ඡන්ද විමසීම පිළිබඳව අවසන් තීන්දුවක් ගැනීමට එළඹෙන 4 වනදා නැවත රැස්වෙන බවයි.


Update :
අයවැය අවසන්වර කියවීමේ ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඡන්දය භාවිතා කිරීම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවසන් තීන්දුව අද රාත්‍රියේ ගන්නා බව පක්ෂ මහලේකම් දයාසිරි ජයාසේකර මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂයේ ආසන සංවිධායකවරුන් සහ ජනාධිපතිවරයා අතර අද පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වරුන් සඳහා පැවති මෙම රැස්වීම අද දහවල් කොළඹ – කොටුව ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා.