Gossips

update: අයවැය ගැන තීරණයක් ගැනීමට රැස්වූ සන්ධාන රැස්වීම එකගඟතාවකින් තොරව අවසන්

අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට රැස්වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සාකච්ඡාව එකගතාවකින් තොරව අවසන් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර සඳහන් කළේ හෙට දිනයේදී ද අයවැයට ඡන්දය ලබාදීම පිළිබඳ තීරණය කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙන වෙනම රැස්වී සාකච්ඡා කරන බවයි.
update : Thursday, 04 April 2019 – 17.25
—————————————————————
අයවැය සම්බන්ධයෙන් තීරණයක් ගන්න – සන්ධාන මන්ත්‍රී කණ්ඩායම රැස්වෙයි
අයවැයට ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම මේ වනවිට රැස්වී තිබෙනවා.
ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්.
අද පස්වරු 4.30 ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව ආරම්භ වූ බවයි එහි සිටින අප වාර්තාකරු සදහන් කළේ.