Gossips

update: අමල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායි පොලිස් භාරයේ රඳවා සිටින කාලය තවත් මසකින් දීර්ඝ කෙරේ

පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුවට ගැණුනු ලගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායි පොලිස් භාරයේ රඳවා සිටින කාලය තවත් මසකින් දීර්ඝ කර තිබෙනවා.
ඒ, ඔවුන් අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී.
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟින් අත්අඩංගුවට ගැනුණු ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා ඇතුළු පිරිස අද දහවල් ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් නීති කටයුතු කිරීම සඳහා ඩුබායි බලා ගොස් නැවත දිවයිනට පැමිණි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා අද ලබාදුන් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති වෙත මීට මද වේලාවකට පෙර අදහස් පල කළා.
ඔහු සඳහන් කළේ අද නඩු තීන්දුව ලබාදෙමින් ගායක අමල් පෙරේරාල නදීමාල් පෙරේරා ඇතුළු පිරිස ඩුබායි පොලිසියේ රඳවා සිටින කාලය අධිකරණය විසින් තවත් මසකින් දීර්ඝ කළ බවයි.
ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණවලට අදාළ තවත් වාර්තා කිහිපයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට ඇති හෙයින් මෙම තීන්දුව ලබාදී ඇති අතර නීතීඥ
ශාබ්දික් වෙල්ලප්පිලි මහතා වැඩිදුරටත් සඳහන් කළේ එම කාලය තුළදී ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් ඇප ඉල්ලීමට කටයුතු කරන බවයි.
rn
update : Thursday, 28 February 2019 – 22.47rn——————————————————————-rn
අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා ඩුබායි අධිකරණයට
rnපාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ ඩුබායිහීදී අත්අඩංගුවට ගැණුනු, ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා අද ඩුබායි අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.rn
ඔවුන් වෙනුවෙන් නීති කටයුතු කිරීම සඳහා ඩුබායි බලා ගොස් සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළේ ඔවුන් සම්බන්ධව තීන්දුවක් ලබා දී ඇත්නම් එය හෙට දිනය වන විට ලබාගත හැකි බවයි.
පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ අත්අඩංගුවට ගැණුනු ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා අද දහවල් ඩුබායි අධිකරණය වෙත ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් ඩුබායි හී විවෘත අධිකරණ ක්‍රියාවලියක් නොපවතින නිසා ඔවුන් සම්බන්ධයෙන් තීන්දුවක් ලබා දී ඇත්දැයි මෙතෙක් දැනගැනීමේ හැකියාවක්
නොමැති බවත් තීන්දුවක් ලබාදී ඇත්නම් එය හෙට උදෑසන වන විට එරට අධිකරණ පද්ධතිය මඟින් අන්තර්ජාලයට මුදා හරිණු ඇති බවත් ඩුබායි හී රුඳී
සිටින නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතා සඳහන් කළා.
කෙසේ වෙතත් එම ලිපිගොනු පරීක්ෂා කිරීමේ හැකියාව පවතින්නේ ඒ සඳහා ප්‍රවේශ වීමේ මුර පද ලබා ගත් පුද්ගලයින්ට පමණයි.
අද දින සිදුවන නඩු කටයුතු සම්බන්ධයෙන් ගායක අමල් පෙරේරා සහ ඔහුගේ පුත් නදීමාල් පෙරේරා වෙනුවෙන් නීති කටයුතු කිරීම සඳහා ඩුබායි බලා ගොස් නැවත දිවයිනට පැමිණි නීතිඥ ශාබ්දික වෙල්ලප්පිලි මහතා අදහස් පල කළා.