Gossips

Update – අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය – Tuesday, April 2, 2019

ලබන අප්‍රේල් 15 වන දා රජයේ නිවාඩු දිනයක් බවට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
අභ්‍යන්තර සහ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය කියා සිටියේ අද පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට විෂය භාර අමාත්‍ය වජිර අබේවර්ධන ඉදිරිපත් කළ පත්‍රිකාව මෙලෙස අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බවයි.
මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද ඉරිදා දිනයකට යෙදී ඇති අතර, හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය ද යෙදී ඇත්තේ ද ලබන 15 වන දාටයි.
මේ සියල්ල සලකා බලා 15 වන දා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර තිබෙනවා.
——————————————
TUESDAY, 02 APRIL 2019
ලබන අප්‍රේල් 15 වන දා රජයේ සහ වෙළඳ නිවාඩු දිනයක් බවට පත් කිරීමට රජයේ අවදානය යොමු වී තිබෙනවා.
දැනට එම දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස පමණක් නම් කර ඇති අතර, අද දිනයේ අග්‍රාමාත්‍යවරයා මුණ ගැසී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන සඳහන් කළේ.
මෙවර සිංහල හා දෙමළ අලූත් අවුරුද්ද ඉරිදා දිනයකට යෙදී ඇති අතර, හිස තෙල් ගෑමේ නැකැත් චාරිත්‍රය ද යෙදී ඇත්තේ ලබන 15 වන දාටයි.rnrnrn