Gossips

Update : අන්තරේ සිසුන්ට සාකච්ඡාවක්

විරෝධතා පා ගමනක නිරතවූ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ නියෝජිතයින් පිරිසකට ජනාධිපති ලේකම් කාර්යාලයේ අතිරේක ලේකම්වරියක් සමඟ සාකච්ඡාවක් ලබාදී තිබෙනවා.
නවක වද සිද්ධීන් මුල් කරගනිමින් දැනට පන්ති තහනමට ලක්ව ඇති සහ බන්ධනාගාර ගත කර ඇති සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින් සිසුන් මෙම විරෝධතා පා ගමනේ නිරතවුණා.
කොළඹ – සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින් ආරම්භ කළ පා ගමන කොටුව – ලෝටස් වටරවුම දක්වා පැමිණි අතර, තවමත් ඔවුන් එම ස්ථානයේ රැඳි සිටිනවා.
Update : Wednesday, March 6, 2019 , 5:05 PM
—————————————————–
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කළ විරෝධතා පා ගමන මේ වනවිට කොටුව – ලෝටස් වටරවුම වෙත ළඟාවී තිබෙනවා.
ඒ හේතුවෙන් ගාලූ මුවදොරට පිවිසෙන මාර්ගය වසා දමා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
කොළඹ – සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසළින් ඔවුන් මෙම පා ගමන ආරම්භ කළේ වයඹ විශ්වවිද්‍යාලයේ සහ තවත් විශ්වවිද්‍යාල කිහිපයක නවක වද සිද්ධීන් මුල් කරගනිමින් දැනට පන්ති තහනමට ලක්ව ඇති සහ බන්ධනාගාර ගත කර ඇති සිසුන් එම චෝදනාවලින් නිදහස් කරන ලෙස ඉල්ලමින්.