Gossips

update: අන්තරේ පාගමන විසුරුවා හැරීමට ජල හා කදුළු ගෑස්

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අද දහවල් ආරම්භ කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමන විසුරුවා හැරීමට, පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කළා.
මරදාන – ටෙක්නිකල් මංසන්ධිය අසලින් ඔවුන් මෙම පාගමන ආරම්භ කළ අතර, පසුව ලෝටස් වටරවුම ඔස්සේ ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සාහ දැරීමත් සමගයි පොලීසිය එය විසුරුවා ගැනීමට පියවර ගත්තේ.
update : Thursday, 21 February 2018 – 15.47
———————————————–
අන්තරේ පාගමනක් නිසා ගාලූමුවදොර පාර වැසේ
අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකගේ පන්ති තහනම ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ වනවිට විරෝධතාවක නිරත වනවා.
විරෝධතාව හේතුවෙන් මරදාන – ටෙක්නිකල් මංසන්ධිය අවට රථ වාහන තදබදයක් ද හට ගත්තා.
මේ වනවිට සරසවි සිසුන්ගේ විරෝධතා පාගමන කොළඹ – කොටුව දුම්රියපොල පසුකරමින් ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට ගමන් කරමින් සිටින අතර, මේ හේතුවෙන් ගාලූමුවදොරට පිවිසෙන ලෝටස් මාර්ගය ද තාවකාලිකව වසා දමා තිබෙනවා.