Gossips

Update : අන්තරේ පාගමනට ජල සහ කදුලූ ගැස් ප්‍රහාර

මරදාන ටෙක්නිකල් මංසන්ධියෙන් ආරම්භ කල අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනට කොළඹ ලෝටස් වටරවුම ආසන්නයෙදි ජල සහ කදුලූ ගැස් ප්‍රහාරයක් එල්ලකරනු ලැබුවා.
ඔවුන් අද දහවල් මෙම විරෝධතාවය ආරම්භ කල අතර පාගමනින් ටෙක්නිකල් මංසන්ධිය ඔස්සේ කොලඹ – කොටුවට පැමිණියා.
අනතුරුව ලෝටස් වටරවුමෙන් ජනාධිපති ලේකම් කාර්යලයට පිවිසිමට උත්සහ කිරිමත් සමගයි පොලිසිය ජල සහ කදුලූ ගැස් ප්‍රහාරයක් එල්ල කරනු ලැබුවේ.
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව ඔවුන් මෙම පාගමන සංවිධානය කර තිබෙනවා.
Update : 15:48 PM Thursday, December 20
————————————————–
අන්තරේ පා ගමන හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසේ
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලුමුවදොර පාර කොළඹ ලෝටස් වටරවුමෙන් වසා දමා තිබෙනවා.
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව ඔවුන් අද දහවල් ටෙක්නිකල් මංසන්ධියෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබුවා.
Update : 15:25 PM Thursday, December 20
————————————————–
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් හේතුවෙන් මරදාන – ටෙක්නිකල් මංසන්ධිය සහ පිටකොටුව අවට රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා.
රජරට සහ අග්නිදිග විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය මර්දනයට එරෙහිව ඔවුන් අද දහවල් ටෙක්නිකල් මංසන්ධියෙන් මෙම විරෝධතා පාගමන ආරම්භ කරනු ලැබුවා.