Gossips

Update : අනධ්‍යයන සේවක විරෝධතාවයෙන් කොළඹ පුරහල අවට රථ වාහන තදබදයක් (ඡායාරූප)

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක් ඇති වී තිබෙනවා.
වැටුප් විශමතා ඇතුළු ඉල්ලීම් මුල් කර ගනිමින් ඔවුන් අද උදෑසන කොළඹ නිදහස් චතුරස‍්‍රයෙන් සිය විරෝධතා පා ගමන ආරම්භ කළ අතර, පසුව කොළඹ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ගමන් කළා.
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 7 ක් ගත වන අතර, ඒ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කල් දැමීමට ද බලධාරීන් පියවර ගත්තා.
Update : Tuesday, March 6, 2018 13.25
——————————————————–
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් සංවිධානය කළ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ නගරසභාව අසල රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
සිය වෘත්තීය ක්‍රියාමාර්ගයේ ඉදිරි පියවරක් ලෙස විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව දිවයිනේ සියළුම විශ්වවිද්‍යාලවල අනධ්‍යයන සේවකයින් අද (06) කොළඹට කැඳවා තිබෙනවා.
ඉල්ලීම් 05ක් මුල්කරගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් සිදුකරන වෘත්තිය ක්‍රියාමාර්ගයට අදට දින 07 ක් ගත වනවා.
මේ හේතුවෙන් සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු සහ විභාග කල් දැමීමට ද බලධාරීන් පියවර ගත්තා.
එමෙන්ම, අනධ්‍යයන සේවකයින්ගේ වර්ජනයට සහය දක්වමින් තමන් ද වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙන බවයි විශ්වවිද්‍යාල විධායක ශ්‍රේණි නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.