Gossips

Update – අධික වැසි නිසා තවත් ජලාශ 04ක වාන් දොරටු විවෘත කෙරේ (ඡායාරූප)

පවතින අධික වැසි හේතුවෙන් කැනියෝන්, නෝතන් බ්‍රිජ්, මස්කෙළිය සහ පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘත කළ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.
Update :- Wednesday, August 15, 2018 11.13 am
—————————————————————————–
අධික වැසි නිසා ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වන්දොරටු විවෘත කෙරේ
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කර තිබෙනවා.
ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් අද (15) අලුයම ස්වයංක්‍රීයව විවෘත වී ඇති අතර, මේ හේතුවෙන් කොත්මලේ ඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා සෙන්ක්ලෙයාර් දිය ඇල්ලේ ද ජල ධාරිතාවය වැඩි වී ඇති බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.
ඉහළ කොත්මලේ ජලාශයේ ජල පෝෂකවලට තවදුරටත් වැසි ලැබුණහොත් ජලාශයේ වේල්ලට පහළින් ගඟ දෙපස සිටින ජනතාව ඒ පිළිබදව අවධානයෙන් පසුවිය යුතු බව විදුලිබලාගාර ඉංජිනේරුවන් ප්‍රකාශ කළා.
මේ අතර, ලක්ෂපාන ජලාශයේ ද වාන්දොරටු 2 ක් අද (15) අලුයම විවෘත කෙරුණු අතර, මේ හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යා හැකි බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.





ඡායාරූප – හැටන්, රංජිත් රාජපක්ෂ