Gossips

Update :- අද පාර්ලිමේන්තු සැසිවාරයටත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම නෑ

අද පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවීමට ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබෙනවා.
Update :- Thursday, November 29, 2018, 10.14 am
——————————————————————-
පක්ෂ නායක රැස්වීමට ආණ්ඩු පක්ෂය සහභාගි නොවේ
ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් තොරව පැවති පක්ෂ නායක රැස්වීම අවසන් වී තිබෙනවා.
ඒ අනුව අද දිනයට සකස් කර ඇති න්‍යාය පත්‍රයට අනුව කටයුතු කිරීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ.
පෙරවරු 9 ට පක්ෂ නායකයින් පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූණේ කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන්.
මේ අතර ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමද මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙනවා.