අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහලට ගත කිරීමෙන් අනතුරුව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ කඩුවෙල කොරතොට ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙක්.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු මෙසේ වෙඩි තබා පලාගොස් ඇති බවයි අතුරුගිරිය පොලිසිය පැවසුවේ.
සැකකරුවන් පිලිබඳ තොරතුරු මෙතෙක් අනාවරණය වී නොමැති අතර අතුරුගිරිය පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
Update : Monday, March 19, 2018 , 18.40PM
——————————————————–
අතුරුගිරිය ගල්වරුසාව ප්‍රදේශයේ අද (19) පස්වරුවේ සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව පොලිසිය සඳහන් කළා.
