Gossips

Update: අත්අඩංගුවට ගත් මෛත්‍රී ගුණරත්නට ඇප

නීති විරෝධී ගිනි අවි දෙකක් ළග තබාගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න ඇප මත නිදහස් කර තිබෙනවා.
ගිනි අවිවලට අදාළ බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියාසිටියේ.
පිළිමතලාව ඌරාපොල හංදිය අසල සැක කටයුතු ජීප් රථයක් නවතා ඇති බවට කඩුගන්නාව පොලිසියට අද පස්වරු 1.50 ට පමණ තොරතුරක් ලැබී තිබුනා.
ඒ අනුව පොලිසියට එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී ජිප් රථයේ තිබී ගිනි අවි දෙකක් සහ උණ්ඩ 10 ක් සොයාගෙන තිබෙනවා.
එම අවස්ථාවේ ජිප් රථය පැදවූ මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් වී ඇති අතර ගිනි අවිවලට අදාළ බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්‍රකාශ කළා.
කෙසේවෙතත් සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ ගිනි අවිවල බලපත්‍රවල පිටපත් අධිකරණයට ඉදිරිපත් කිරීම හේතුවෙන් ශරීර ඇප දෙකක් මත නිදහස් කළ බවයි පොලිසිය සඳහන් කළේ.
නඩුව ජුනි මස 13 වනදා යළි කැඳවීමට නියමිතයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට ධුරයෙන් ඉවත් වන ලෙස බලකරමින් එක්සත් ජාතික නිදහස් පෙරමුණ සංවිධාන කළ පාගමන අතරතුරයි මෙම සිදුවීම වාර්තා වන්නේ.
Update : Saturday, 31 March 2018 – 18.52
————————————————————————————-
මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට
නීති විරෝධී ගිනි අවි දෙකක් සමග එක්සත් ජාතික නිදහස් පෙරමුණේ මහලේකම් නීතිඥ මෛත්‍රී ගුණරත්න පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පිළිමතලාව ඌරාපොල හංදිය අසල සැක කටයුතු ජීප් රථයක් නවතා ඇති බවට කඩුගන්නාව පොලිසියට අද පස්වරු 1.50 ට පමණ තොරතුරක් ලැබී තිබුනා.
ඒ අනුව පොලිසියට එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී ජිප් රථයේ තිබී ගිනි අවි දෙකක් සහ උණ්ඩ 10 ක් සොයාගෙන තිබෙනවා.
එම අවස්ථාවේ ජිප් රථය පැදවූ මෛත්‍රී ගුණරත්න ඉදිරිපත් වී ඇති අතර ගිනි අවිවලට අදාළ බලපත්‍ර ඉදිරිපත් කිරීමට අපොහොසත්වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය කියාසිටියේ.
සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කඩුගන්නාව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.